nagenahira_sinhala_urumaya,නැගෙනහිර සිංහල උරුමය -පාටලී...

Post on 13-Aug-2015

115 Views

Category:

Documents

6 Downloads

Preview:

Click to see full reader

DESCRIPTION

මේ ලිපිය ඇස්‌. බී. කරල්ලියද්ද මහතානන් විසින් ලියූවකි. මූණු පොතෙහි “හෙළ විජය” එකතුවෙන් උපුටා ගන්නා ලදී. මෙහි ලේඛකයාට සහ හෙළ විජය එකතුවට නිර් රාමුගේ තුති පිදේ.ගෞතමයන් සම්බුද්ධත්වයට පැමිණ දෙදහස්‌ හයසිය වසරක්‌ අනුස්‌මරණය කරන මෙම බක්‌ පොහෝ දිනයට හරියටම අවුරුදු දෙදහස්‌ පන්සිය හැටකට පෙර මෙම භාග්‍යවන්ත බක්‌ මාසයේ අටු කොටු පිරි සිරිලක සශ්‍රීකව පැවති ගස්‌ වැල් පුරා මල්පල දැරූ මාසයක අද වැනි දිනයක ගෞතම බුදුන් වහන්සේ දෙවන වරටත් ලක්‌දිවට වැඩම කර ඇත. ඒ වනවිට උන්වහන්සේ හතලිස්‌ හැවිරිදි මැදිවියේ පසු විය. පළමු වරට ලංකාවට වැඩි දුරුතු පොහොය දින උන්වහන්සේ අවුරුදු තිස්‌පහකුත් නව මාසයක්‌ වූ භද්‍ර යෞවනයෙක්‌වූ, අදින් අවුරුදු දෙදහස්‌ පන්සිය හැට හතරයි මාස තුනකට පෙර දිනකය. එකල නාග රජවරුන් වවුනියාවේද සිටි බව වවුනියාවේ එරුපොතානේ ඇති සෙල්ලිපියක දැක්‌වේ. කැලණියේ සිටි මණි අක්‌ඛත නා රජුත් කළ වෙහෙරක්‌ සෝමාවතියෙහි හමුව ඇත. එ දවස සෝමාවතිය ප්‍රදේශය විශාල නැව් තොටකි. දුටුගැමුණු රජතුමාද මව් පාර්ශ්වයෙන් නාග ගෝත්‍රික වූ අතර එතුමාගේ යෝධයන් වූ වේලුසුමන හා ඵුස්‌සදේව ද එකම පවුලක නාග ගෝත්‍රිකයන්ය. මුලින් සඳහන් කළ පරිදි බුදු හාමුදුරුවන්ගේ පළමු ලංකා ගමන මහියංගනයට යෙදුනේද යක්‍ෂ ගෝත්‍රික පිරිසක්‌ දමනය කිරීමටය. එකල යක්‍ෂ හා නාග ගෝත්‍රිකයින් ප්‍රබල පිරිසක්‌ විය. වෙසමුණි ශාතාගිරි කුවේර ආදීන් ඉන් ප්‍රධාන නායකයින් විය. “ශාතා ගිරෝ නමෝ යක්‌ඛෝ” යන්නෙන් කියවෙන්නේ බුදු හාමුදුරුවන්ට පළමු වරට “නමෝ” කියා වැන්දේ ශාතාගිරි බවය. ශාතාගිරි යක්‍ෂයාගේ භවනක්‌ තිබූ ශාතාගිරි පබ්බත මහනුවර හන්තානේ කන්දයි, ඔහුට තවත් භවනක්‌ තිබී ඇත්තේ හොරොවුපතාන බෙරවාගම අසළය. වෙසමුණි ද බුදු හාමුදුරුවන්ගේ සූත්‍ර දේශනාවක්‌ ඇසීමට ලියුම්කරුගේ ගම අසල බඹරගලට ගුවන් යානයකින් ගොස්‌ ඇත. ගුවන් යානය නතර කර ඇති කන්ද උඩ ගල් පර්වතය අදත් දැකිය හැකි බව ජයරත්න පතිරගේ මහතා “පවතින ලංකා ඉතිහාසය හරිද?” පොතෙහි සඳහන් කරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ද බුදුරජාණන් වහන්සේ වරක්‌ මෙම ගල් ගුහාවේ වැඩ සිටි බව සඳහන් කරයි, ශාතාගිරි යක්‍ෂයා ද මෙවර එහි ගොස්‌ සිට ඇත. බුදුන්වහන්සේ ආටානාටිය සූත්‍රය දේශනා කළේ එම යකුන්ට ය. අද වැනි දිනක උන්වහන්සේ අද අප යාපනය අර්ධත්වීපය වශයෙන් හඳුන්වන නාගදීපයට වැඩම කර ඇත. තුන්වන වතාවට උන් වහන්සේ කැලණියට වැඩම කළේ හතළින් තුන් හැවිරිදි වියෙහි වූ අදින් අවුරුදු දෙදහස්‌ පන්සිය පනස්‌ හත් වසරකට පෙර ය. දශක හතරකට පමණ ආසන්න කාලයක්‌ මුළුල්ලේම උතුරේ මෙම භූමිය ශ්‍රී ලංකා පොළොවෙන් වෙන්ව වෙනත් රාජ්‍යයක්‌ මෙන් පැවත නැවත වරක්‌ දකුණේ ජනතාවට වැඳ පුදා ගැනීමට මෙන්ම සංචාරය සඳහා යා හැකි වාතාවරණයක්‌ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රණවිරුවන් විසින් උදාකොට දී ඇත. එබැවින් යාපනය අර්ධද්අවීපයට යන අපේ සිංහලයන් එම ප්‍රදේශයේ සිංහල බෞද්ධ උරුමයන් පිළිබඳ මඳක්‌ හෝ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණය.බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩි ගමනේහිදී ශ්‍රී පාදයේ ලාංඡනයක්‌ එහි පිහිටුවා තිබූ බවත් තමා එයට වන්දනා මාන කළ බවත් ක්‍රි.ව. 412 පමණ මෙහි පැමිණි චීන ජාතික ෆාහියන් නමැති දේශ ගවේශක බෞද්ධ හිමි නමක්‌ සඳහන් කරයි. සමනල කන්දෙහි සිරිපා තබන විට අනුරාධපුරයෙන් උතුරට වූ ප්‍රදේශයකද සිරිපා සලකුණක්‌ තබා ඇති බව පැවැසෙයි. එම ස්‌ථානය සුලිපුරවූ අද දමිළයන් චුල්ලිපුරම් යෑයි දෙමළෙන් භාවිතා කරන ප්‍රදේශයය ආසන්නයෙහිම “තිරු ආදි නිලෙයි” යන කැළෑබද ප්‍රදේශයයි. තිරු යනු පූජනීයයි, අදි යනු පාදයයි, නිලෙයි යනු ස්‌ථානයයි. අද එම ස්‌ථානය හඳුනාගෙන ආරක්‍ෂා කර දීම ආගමික කටයුතු අමාත්‍යංශයට හා පුරා විද්‍යා අමාත්‍යංශයේ එකතුවෙන් සිදුකළ යුතු ජාතික මෙහෙවරක්‌ මෙන්ම වගකීමෙක්‌ද වේ. බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළේ එවකට එහි පදිංචිව සිටි නාග ගෝත්‍රිකයන් හා වයඹදිග කල්පිටිය ප්‍රදේශයෙහි වඩනාගල ජනාවාස කොටගෙන සිටි නාග ගෝත්‍රිකයන් අතර වූ සටනක්‌ සමථයකට පත් කිරීමයට. එකල නාගදීපය, කල්පිටිය, වඩනාගල හා කැලණිය ජනාවාස වී තිබුණේ ප්‍රබල නාග ගෝත්‍රිකයින්ගෙනි. ඔවුන් එකිනෙකාගේ සමීපතම ඥතීන් ද වූහ. නාගදීපයෙහි රජු මහෝදර වූ අතර කල්පිටිය ප්‍රදේශයේ නායකයා වූයේ චූලෝදර ය. කැලණි රාජ්‍ය මනිඅක්‌ඛත රජු භාරයේ පැවතුනි. මහෝදර ඉතා බලසම්බන්න වූ සමුද්‍ර නාග භවනෙහිද අධිපති විය. චුලෝදර මහෝදර අතර ඇති වීමට ගිය මෙම සටන මැණික්‌ පුටුවක්‌ නිසා හටගත් බව බෞද්ධයන් කවරුත් පාහේ දන්නා කරුණක්‌ බැවින් ඒ පිළිබඳ නැවත කීමට මෙහිදී අදහස්‌ නොකෙරේ. මෙම ගැටුම පිළිබඳ දිවැසින් දැකගත් තථාගතයන් වහන්සේ එම ගැටුමෙන් සිදුවන ලේ ගලන අනවශ්‍ය මිනිස්‌ ඝාතන නිසි කලට මැදිහත් වීමෙන් වලක්‌වාලීය.බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනේහිදින් යක්‍ෂ ගෝත්‍රිකයන් පිරිසක්‌ අතර සිදුවීමට තිබූ ලේ ගැලීමක්‌ මෙලෙසටම මහියංගනයට වැඩම කිරීමෙන් නිමාවට පත් කළ බව අප දනිමු, නාගදීපයෙහි මෙම ගැටුම සඳහා නාගයන් කඳවුරු බැඳ සිට සටන ආර

TRANSCRIPT

top related