උඩරට රාජ්යයෙන් පලා ගිය රොබට්...

50

Upload: apepoth

Post on 27-Nov-2015

517 views

Category:

Documents


10 download

DESCRIPTION

‘‘උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය’’Be the first to comment!‘‘උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය’’ සිංහලයාට අගනා ආදර්ශයක් සපයයි විදේශයක සිට මෙරටට පැමිණි ප‍්‍රථම දේශ ගවේශකයා දෙවන දප්පුල රජු සමයේ  පැමිණි සින්බෑඞ් නම් වූ නාවිකයකු බව ඉතිහාස ග‍්‍රන්ථයන්හි ස`දහන්ව ඇත. අනතුරුවත චීන ජාතික පාහියන් හිමි, කොස්මස් නම් වූ මිසර වෙළෙ`ද ව්‍යාපාරිකයා, තාරකා විද්‍යාඥයකු වූ ටොලමි, තවත් චීන හිමි නමක් වූ හියුංසා, මාකෝ පෝලෝ, වස්කෝ ද ගාමා, සර් ජෝන් මැන්ඩවිල් (මොහු දිවයිනට ගොඩබැස ඇත්තේ ගාලූ වරායෙන), අරාබියේ සිට පැමිණි ඉබ්න් බටූටා, ලොරෙන්සෝ ද අල්මේදා සහ ජෙරනිමෝ ද අසවේදු යන ගවේශකයෝ ද පැමිණියහ.මොවුන් අතුරින් ලොරොන්සෝ ද අල්මේදා සහ ජෙරනිමෝ ද අසවේදු ආක‍්‍රමණිකයෝ වූහ. ඉහත ස`දහන් දේශගවේශකයින්ගේ පැමිණීමෙන් අනතුරුව මෙරටට පැමිණි නාවිකයා ලෙස ඉතිහාස ගත වන්නේ රොබට් නොක්ස් නමැති නාවිකයාගේ පුතනුවන් වූ කනිෂ්ඨ රොබට් නොක්ස් ය. කුණාටුවකට හසුව මෙරටට ගසාගෙන ආ ජේ්‍යෂ්ට රොබට් නොක්ස් සහ කනිෂ්ඨ රොබට් නොක්ස් පිය පුතු දෙදෙනා සම`ග තවත් නාවිකයින් දහසය දෙනෙක් 1660 අප‍්‍රියෙල් 04 වන දින සිට මෙරට සිරකරුවන් බවට පත්වූහ. වසර විස්සකට ආසන්න කාලයක් සිරකරුවකු වශයෙන් මෙරට ප‍්‍රදේශ කිහිපයක විසූ රොබට් නොක්ස් මෙරට සියලූ ගම්පතියන්ගේ, ආරක්‍ෂක නිලධාරින්ගේ ඇස් වසා පලා ගියේ ය. වර්ෂ 1679 සැප්තැම්බර් 22 දින පලායාම ආරම්භ කළ ඔවුන් 1679 ඔක්තෝබර් 22 දින අරිප්පුවට ළ`ගා වූහ. පසුව යාපා පටුනේ ලන්දේසි නායකයා සම`ග මන්නාරමට පැමිණ එතැනින් කොළඹට පැමිණියෝ ය. පසුව ලන්නේද්සි නායකයාගේ අනුමැතිය සහ උපකාර ඇතුව ඔවුන් බතාවිය නොහොත් ජකර්තා වෙත ගොස් එතැනින් එන්ගලන්තයට ගියෝ ය.රොබට් නොක්සගේ ලංකාගමනය, ඔහුගේ සිරගත ජිවිතය මෙන්ම පලා යාම ඔහු විසින් ම රචිත ''Historical Relation of Ceylon''නමැති කෘතියේ විස්තරාත්මකව ස`දහන්ව ඇත. මෙම ඉංග‍්‍රීසි කෘතියේ සිංහල පරිවර්තන කිහිපයක් නිකුත් වු අතර ප‍්‍රථමයෙන් ම එය සිංහලට පරිවර්තනය කොට ඇත්තේ පරවාහැර වජිරඥාන ස්වාමීන් වහන්සේ විසිනි. පසුව ඬේවිඞ් කරුණාරත්න මහතා විසින් එම කෘතිය ‘‘එදා හෙළදිව’’ නමින් පරිවර්තනය කළ අතර 2009 වර්ෂයේ දී ප‍්‍රකට පරිවර්තකයකු වන පේ‍්‍රමචන්ද්‍ර අල්විස් මහතා විසින් එහි පූර්ණ පරිවර්තනයක් එළිදැක්වූයේ ය. රංජිත් ධර්මකීර්ති මහතා ද මෙම කෘතිය ඇසුරෙන් ‘‘රොබට් නොක්ස්’’ නමින් නවකතාවක් රචනා කොට ඇත.ඉහත ස`දහන් සියලූ කෘතීන්හි අන්තර්ගතව ඇත්තේ රොබට් නොක්ස්ගේ ලංකාගමනය, සිරගත ජීවිතය සහ පලා යාම පමණි. ඉන් අනතුරුව ඔහු ගත කළ ජීවිතය පිළිබ`ද ලියැවුණ කෘතියක් මේ වන විට එළිදක්වා ඇත. ප‍්‍රවීණ පරිවර්තකයකු වන යසපාල වනසිංහ මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය නම්කොට ඇත්තේ ‘‘උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය’’ නමිනි.ලංකාවෙන් පලා ගොස් සිය මව්බිම වූ ලන්ඩනයට පා තැබීමෙන් අනතුරුව ද ඔහු සිය රැුකියාව ලෙස තෝරා ගන්නේ නාවික ගමනාගමනය යි. ඔහු නාවිකයකු ලෙස සේවයේ නිරතවද්දී අත්දුටු දුක්‍ඛ දෝමනස්සයන් මෙන්ම සොම්නස් සහගත අවස්ථාවන් ද මෙම කෘතියේ අන්තර්ගතව ඇත.මෙම කෘතිය ආරම්භයේ දී ද ඔහු මෙරට ගතකළ ජිවිතය පිළිබ`ද කෙටි සටහනක් තබන්නට අමතක කොට නොමැත. නොක්ස් පිය-පුතු දෙපළ සහ ඔහුගේ නාවිකයින් සිරබාරයට ගත් දෙවන රාජසිංහ රජු ඔවුන් සියලූ දෙනාගේ ජීවන බර ද පටවා අත්තේ අහිසක රටවැසියන් වෙත ය.‘‘අප ගම්වල ර`දවා සිටියදී අපගේ ආහාර පාන ඒ ඒ ගම්වල වැසියන් විසින් සැපයිය යුතු බවට රාජ නියෝගයක් තිබුණ ද මේ අවස්ථාවේ එවැන්නක් නොවී ය’’                                                     පිටුව 13නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය කෘතිය හුදු ජිවන අන්දරක් පමණක් නොවන අතර එහි අන්තර්ගත දේශපාලනික කාරණා පිළිබ`දව ද අප අවධානය යොමුකළ යුතුය. ඉහත උපුටනය දැක්වුයේ එහි ආරම්භයක් වශයෙනි. සැකයේ වාසිය මත අත්අඩංගුවට ගන්නා නොක්ස් ඇතුළු පිරිස වෙත එල්ල කළ හැකි නිශ්චිත චෝදනාවක් නොතිබුණි. එහෙත් ඔවුන් සිය අභිමතය පරිදි හැසිරවීමට රාජ්‍ය බලය උපයෝගි කරගන්නා රජුගේ ක‍්‍රියාකලාපය නොක්ස් මෙසේ සටහන් කරයි.‘‘රජුගේ නියෝගය අනුව මහඅධිකාරම් විසින් අපි එකිනෙකා ඔහු වෙත කැ`දවා ආපසු යන්නට කැමතිද නැතහොත් වරප‍්‍රසාද ලබා රජතුමා යටතේ සේවය කිරිමට කැමතිදැයි විමසා සිටියේ ය. අපගේ කැමැත්ත ආපසු මව් රට බලා යාමට බව අපි යටහත් පහත්ව දන්වා සිටියෙමු.’’                                                                            පිටුව 13නිලතල තාන්නමාන්න හමුවේ තම ආත්මාභිමානය පාවා නොදෙන්නට තරම් නොක්ස් ඇතුලූ පිරිස නිර්භීත වීම වර්තමාන ශ‍්‍රී ලාංකේය වැසියෝ ආදර්ශයක් කොට ගත යුතු ය. එදා මෙන් ම වර්තමානයේ ද පාලකයින් තම මිතුරන්ට වඩා තාන්න-මාන්න, නිලතල වරප‍්‍රසාද ලබා දෙන්නනේ සතුරු පාර්ශවයන්ට නොවේ ද? කිසිදු හව්හරණක් නොමැතිව අසරණ තත්ත්වයේ සිටිය ද නොක්ස් රජුට පක්‍ෂපාතව

TRANSCRIPT